උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට එන්නත් ලබා දී විභාග පැවැත්විය යුතුයි – රවී කුමුදේශ්

වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර පසුව ඔවුන්ට අදාළ විභාග පැවැත්වීමට පියවර ගතයුතු  බවය.

අනෙකුත් රටවල් ගණනාවක මේ වන විටත් ප්‍රධාන විභාග පැවැත්වීම සඳහා එම සිසුන් එන්නත්කරණය කිරීම ආරම්භ කර ඇති බවයි එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ.

“අපි සැලසුම් කරනව නම් තව මාස 6කින්වත් මේ අවසාන කඩයිම් විභාග ටික තියන්න.මේ වෙලාවෙ අපි කරන්න අවශ්‍ය උසස් පෙළ ,සාමාන්‍ය පෙළ සහ විශ්වවිද්‍යාල අවසන් වසරේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටවත් ෆයිසර් වැනි එන්නතක් ලබාදෙන එක.බොහෝ රටවල අද වෙනකොට පාසල් සුරක්ෂිත කරගනිමින් අධ්‍යාපනය ලබා දෙනවා.එහෙම නැත්නම් ඔන්ලයින්  අධ්‍යාපනය ඉතා විධිමත්ව ලබාදෙනවා.අපේ රටේ දෙකම කරන්නේ නෑ හරි විදියට.ඒක නිසා පාසල් ආරම්භ කරන එක අදටත් විවාදාත්මක මට්ටමක තියෙන්නේ.”

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ කෙසේ වුවද කිසිදු කටයුත්තක් සඳහා පාසල් විවෘත කිරීමට සුදුසු වාතාවරණයක් තවදුරටත් නිර්මාණය වී නොමැති බවයි.

Exit mobile version