පළාත් අණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා පවසන්නේ ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව මෙම මස 18 වනදා එම පාසල් විවෘත කිරීමට නියමිතව ඇත.
එමෙන් ම පාසල් විවෘත කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සකස් කරන ලෙස සියලු පළාත් අධ්‍යාපන කාර්යාල වෙත දැනුම් දී ඇති බවද අණ්ඩුකාරවරයා සඳහන් කර ඇත.
දකුණු පළාත් අණ්ඩුකාර විලි ගමගේ මහතා ද පවසා ඇත්තේ දකුණු පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් විවෘත කිරීමට කටයුතු කරන බවත් අදාළ ප්‍රාදේශීය සභාවල සහයෝගයෙන් පාසල් විවෘත කිරීමට සුදුසු තත්ත්වයට පත්කර ගැනීමට ද කටයුතු සූදානම් කර ඇති බවයි.