එංගලන්ත නෙදර්ලන්ත සටන

නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 339ක් රැස්කර ගැනීමට එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.

වාර්තා වන ආකාරයට එංගලන්ත පිල වෙනුවෙන් බෙන් ස්ටොක්ස් ලකුණු 108ක් රැස්කර ගැනීමට සමත් වූ අතර ස්ටොක්ස් අද මෙලෙස වාර්තා කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ පස්වන ශතකය බවද ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වී තිබේ.

ඩේවිඩ් මාලන් පන්දු 74කදී දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 10ක් ද සමග ලකුණු 87ක් රැස්කර ගැනීමට සමත් වූ අතර ක්‍රිස් වෝක්ස් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 51ක් වේ.
පන්දු යැවීමේදී නෙදර්ලන්ත පිල වෙනුවෙන් බාස් ඩි ලීඩ් කඩුළු 3ක් දවා ගැනීමට සමත් වූ බවත් මෙම තරගය ජය ගැනීම සදහා නෙදර්ලන්ත පිල ලකුණු 340ක් රැස්කර ගත යුතු බවත් තවදුරටත් වාර්තා වේ.

Exit mobile version