එකම දිනයේ පොලිසියේ වැරදි තුනක් . ජාතික ආරක්ෂාව අනතුරේ.. ! ආරක්ෂක ලේකම්ට නොපෙනේද?

එකම දිනයේ ශ්‍රී ලංකා පොලිස් දෙපර්තමෙන්තුවේ වැරදි තුනක් අනාවරණය වූ බව ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා සදහන් කරයි. ඔහු තම මුහණු පොතේ සටහනක් යොදමින් දැඩි අප්‍රසාධය පෙන්වා තිබේ. මාධ්‍ය මගින් දෙකක් වාර්තා කලද දකුණේ මෙන්ම උතුරේද සෑම පොලිසියකම දිනපතාම නීතිවිරෝදී ක්‍රියාවන් එකක්වත් සිදුවේ.

“ශ්‍රී ලංකාවේ පොලිසිය කෙතරම් පිරිහී ඇත්ද යන්න අද සිදුවීම් තුනකින් පැහැදිලි වේ. පළමුවැන්න නම්, විරෝධතා පුවරු අතැතිව ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට පොලිසිය විසින් පහර දී, හිරිහැර කර, අත්අඩංගුවට ගැනීමයි. දෙවැන්න නම් ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකගේ ගෙලෙන් WPC අල්ලාගෙන සිටින ඡායාරූප ප්‍රසිද්ධියට පත්වීමයි. තුන්වැන්න ජ්‍යෙෂ්ඨ නීතීඥවරියක් මට කතා කරලා කිව්වා එයාගේ යාළුවෙකුගේ ජාතික හැඳුනුම්පත තිබුණේ නැති නිසා එයාගේ උදව්කරුවෙක් පොලිසියෙන් අරන් ගියා කියලා. මේ මනුස්සයව පොලිසියේ හිරකරගෙන ඉන්නවා. පොලිස් ම්ලේච්ඡත්වය දිගටම පවතින්නේ ඔවුන් සමඟ කටයුතු කිරීමට බලය සහ බලය ඇති අයගේ අසාර්ථකත්වය සහ උදාසීන ආකල්පය නිසාය. මොන නින්දාවක් ද.” ලෙස ඔහු සටහන් කර තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය නැවත ගොඩ ගැනීමට නම් කල යුතු බොහෝ දේවල් තිබේ. ඔලුවට කොට්ටය මාරුකරන්නා සේ කිරීමෙන් පොලිස්පතිවරු පත්කිරීමෙන් ඒවා නැවත සැකසිය නොහැක. දේශපාලනයට වහල් උණු පොලිස් නිලධාරීන් විනාශකරන ලද පොලිස් නිලධාරීන් හදුනාගෙන ප්‍රථමව ඔවුන් පුනරුත්තාපනය කල යුතුය. නමුත් ඔවුන් පුනරුත්තාපනය කිරීමටද හැකි දක්ෂ මානව වාදී පොලිස් නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුලින්ම සොයාගත යුතුය. දේශපාලන වහලුන් නොවූ විශේෂ පොලිස් නිලධාරීන් 30 % කටත් වඩා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුල සිටි. මෙසේ ශ්‍රී ලංකා පොලිසිය දිනපතාම දූෂණයට ලක් වීමෙන් රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාවයට හානි සිදුවන් බවද, ජාතික ආරක්ෂාව දිනෙන් දිනම අනතුරට ලක්වන බවද අප දිගින් දිගටම පෙන්වා දී තිබේ.

නීතිය සහ සාමය පවත්වාගෙන යාම පොලීසිය සිදුනොකරන විට රාජ්‍යයේ යහපැවැත්මට හානි සිදුවේ. රාජ්‍යයේ යහපැවැත්මට සහ එහි ආරක්ෂාවට සිටින්නේ ආරක්ෂක හමුදාවන්ය. මේ ආකාරයෙන්ම දිගින් දිගටම නීතිවිරෝදී ලෙස කටයුතු සිදුවීමෙන් අතීත අරගලයද සිදු විය. එහි ගිනිදැල් තවමත් නිවී නැත. එහෙත් ජාතික ආරක්ෂක මණ්ඩලයට මෙහි බැරෑරුම් තත්වය යොමුකළ යුත්තේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසිනි. නීතිය සහ සාමය බිදවැටෙන ලෙස ආරක්ෂක අංශ විසින්ම කටයුතු කර අවසානයේ ඔවුන්ගේ බැටන් පොලු ප්‍රහාරයන් සහ ම්ලේච්ච ප්‍රහාරයන් මහජනතාව දෙසටම යොමුවන්නේ නම් ඉන් කියවෙන්නේ තව නොබෝ කාලයකින් බිහිවන්නේ අවිචාරවත් දේශයක් බවයි. එය හයිටි, ඇෆ්ගන්, සූඩාන් වැනි රාජ්‍යයන් වලටත් වඩා විනාශ උණු රාජ්‍යයක් වනු ඇති අතර එම විනාශයේ වගකීම ගත යුත්තේ වත්මන් ආරක්ෂක අංශ ප්‍රධානින් විසිනි. වත්මනයේ නීතිය සහ සාමය ආරක්ෂා නොකිරීමේ බරපතල තත්වයේ ප්‍රතිපලය වත්මන් ආරක්ෂක අංශ ප්‍රධානින්ටම මිය යාමට පෙර තම විශ්‍රාම දිවියේදීම අත් විදිය හැකි වනු ඇත.

කෙසේ නමුත් ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ හිටපු ප්‍රධානියා අප වර්තාකරණ ලද මෙවැනි සිදුවීම් දැක තිබුනේ ඔහුගේ පටු අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් පමණක් වන අතර ආරක්ෂක අංශවලින්ම නීතිවිරෝදී ක්‍රියාවන් සිදුවීම රාජ්‍ය අඛණ්ඩ පැවැත්මට හානි සිදුවන බව අප නැවත නැවතත් කමල් ගුණරත්න මහතා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදධිපතිවරුන්ට මෙන්ම පොලිස්පතිටද අවධාරණය කරන්නෙමු. ප්‍රථමව ආරක්ෂක අංශයන්හි ම්ලේච්ච්ත්වයන් අවසන් කිරීමට අවශ්‍ය දර්ශනයන් සකසන ලෙස අප නැවත නැවතත් අවධාරණය කරනෙමු.

( ඉහත ලිපියේ අවසාන ජේදයේ පහල සිට ඉහලට හතරවැනි පේලියේ 8 වැනි වචනය වන ” හිටපු” යන වචනය ඉවත්විය යුතුය. අප විසින් සදහන් කර තිබෙන ආරක්ෂක අමාත්‍යංශයේ රහස්‍ය ලිපියක්වන ආඅ/මාකේ/ප්‍ර/17/01/(73) දරන 2022 අගෝස්තු මස 24 වැනි දිනැති රහස්‍ය ලිපිය අත්සන් කර තිබෙන ආරක්ෂක අමාත්‍යාංශයේ අදාළ නිලධාරියාගේ නම එහි සදහන් වියයුතු වුවත් අප වෙත ඒවා ඇති ලිපියේ ඔහුගේ නම සදහන් කර නැත. නමුත් අපට අයත් එම ලිපිය ඉල්ලා තිබුනත් එම ලිපිය තවමත් නොලැබීම නිසා ලිවීමේදී එම ” හිටපු” යන වචනය ලියවී තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ හිටපු මාධ්‍ය ප්‍රධානියාට යම් අපහසුතාවයක් ඇති වුයේ නම් අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන්නෙමු)

Exit mobile version