තිරසාර සංවර්ධනය අයවැයට එක් කිරීම සම්බන්ධව ජනාධිපති කාර්යාලයේදී පරිසරය සහ තිරසාර මුල්‍යකරණය පිළිබද ජනාධිපති උපදේශක මහාචාර්ය ආනන්ද මලවිතන්ත්රි සහ දේශගුණික විපර්යාස පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන යන අයගේ මුලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාවකට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරමින් එහි නේවාසික නියෝජිත Azusa Kubota , ඒකාබද්ධතා විශේෂඥ දුලානි සිරිසේන , අයවැය ලේඛන උපදේශක Asif Shah , ප්‍රතිපත්ති පර්යේෂණ සහ නියැලීමේ සහකාර Afraa Mohamed යන නියෝජිතයන් සහභාගී වූ බව වාර්තා වේ.
මෙම සාකච්ඡාවේදී තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාවට සහය දීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ප්‍රතිඥා දුන් බව කියයි.