එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පරිසර පද්ධති ප්‍රතිස්ථාපන දශකයක් නම් කරයි

මෙම දශකය පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමේ දශකයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති අතර ඊට අදාළව වැඩසටහන් රැසක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි පරිසර අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ.

එම වැඩසටහන් අතරට සංවේදී පරිසර කලාප හඳුනාගැනිමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති අතර මේ වන විට මානෑව, ගඟේවාඩිය, එළුවන්කුලම හා ගල්නෑව ආදී ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

එමෙන් ම  පරිසර අමාත්‍යංශ ලේකම් ,විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා ඇත්තේ “සුරකිමු ගංඟා වැඩසටහන” ලෙස ක්‍රියාත්මක කර ඇති ගංඟා සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ ඔස්සේ මැණික් ගඟ සංරක්ෂණය කිරීම හා සිතාවක සිට පෑලියගොඩ දක්වා ප්‍රදේශය විශේෂ පරිසර සංරක්ෂණ කලාප ලෙස නම් කර සංවර්ධනය කිරීම ආදී වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

Exit mobile version