එක්ස්ප්‍රස් පර්ල් විනාශයේ තක්සේරු වාර්තාව ළඟදීම.

මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වී මුහුදුබත් වූ එස්ක්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදු වූ පරිසර හානියේ තක්සේරු වාර්තා ජනවාරි මස 15 වනදා නීතිපතිවරයා වෙත භාර දීමට නියමිතව ඇත.

මෙම නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් සිදුව ඇති පරිසර හානිය තවදුරටත් සිදුවෙමින් පවතින බැවින් එ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් මෙම වාර්තාව සකස් කිරීමට අපේක්ෂා කරන බවයි පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර සඳහන් කළේ.

Exit mobile version