එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම පිලිබදව සාධාරණ පරීක්ෂණයක් සිදුකරන්නැයි රජයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.
වැඩි දුරටත් පෙත්සම තුල සදහන් වන්නේ මෙම ගිනි ගැනීම පිලිබදව කිසිදු අපක්ෂපාතී පරීක්ෂණයක් මේ වන තෙක්ම සිදු කර නොමැති බවය. එසේම නෞකාව මුහුදුබත් වීමෙන් අනතුරුව මුහුදට සහ ගොඩබිමට එක් වූ ප්ලාස්ටි ඇතුළු අපද්‍රවය පරිසර හිතකාමී ලෙස ඉවත් කිරීමට පියවර ගන්න ලෙස නෞකා සමාගම් වෙත නියෝගයක්ද නිකුත් කරන ලෙස මෙම පෙත්සම මගින් වැඩි දුරටත් ඉල්ලා තිබේ.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කෙරුණු මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සමුද්‍ර දූෂණ වැළක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වරාය අධිකාරියේ සභාපති, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු 16 දෙනෙකු නම් කර තිබේ.