පසුගිය දිනෙක ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ එහි ගිනි ගැනීමෙන් මුහුදු බත් වූ බහාලුම් ආදිය ඉවත් කිරීමේ කටයුතු මෙම මස අවසානයේ හෝ ලබන මස මුල සිදු කිරීමට කටයුතු සූදානම් කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කර ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගම විසින් මෙම නෞකාව ඉවත් කර ගැනීම සඳහා සිදු කරන ලද ටෙන්ඩර් කැඳවීම ද මේ වන විට අවසන් කර ඇති බව සඳහන් වේ.
නෞකාව ඉවත් කරගැනීම සඳහා සමාගම් 08ක් විසින් ටෙන්ඩර් ලබා දි ඇති බවත් ,ඒවා අතුරින් තෝරාගෙන ඇත්තේ කුමන සමාගමද යන බවත් ලබන සිකුරාදා දිනය වන විට දැනුම් දෙන බවයි නෞකා සමාගම ප්‍රකාශ කර ඇත්තේ.
නෞකාවේ තිබී ගිලී ගිය බහලුම් පිළිබඳව මේ වන විට විශේෂිත යන්ත්‍ර භාවිත කරමින් විමර්ශන සිදු කරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළේ.