මෙරට සාගර කලාපයේ දී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම සඳහා නෞකාව අයත් සමාගමට අයත් විශේෂ යාත්‍රාවක් පැමිණ ඇත.
එම අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු භාරව සිටින සමාගම විසින් නෞකාව අශ්‍රිත මුහුදු පත්ලේ පර්යේෂණයක් ද සිදු කර ඇත.
එම පරීක්ෂණය ඔස්සේ අනාරණය වී තිබුණේ නෞකාවෙන් බහාලුම් 400ක් පමණ මුහුදට වැටී ඇති බවයි.
පසුගිය 06 වනදා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ භාරකාරිත්වය දරණ සමාගම සහ සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය අතර සාකච්ඡාවක් ද පවත්වා ඇත අතර සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපතිනි දර්ශනී ළහඳපුර මහත්මිය සඳහන් කළේ සමස්ත නෞකාවම සහ අපද්‍රව්‍ය ඉවත් කරගන්නා තෙක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුව ඇති පරිසර හානිය පිළිබඳව සම්පූර්ණ වශයෙන් වාර්තාවක් නිකුත් කළ නොහැකි බවයි.