එක් අයෙකු මරා දමා 15 කට පමණ තුවාල (වීඩියෝ ) කල පොලිසිය රඹුක්කනින් නැවතත් පොලිස් පාතාලය ආරම්භ කරයි.

අද වනවිට රට පුරා උද්ඝෝෂණ පවතින්නේ මාසික වැටුප් ලබන ජනතාව හෝ රාජ්‍ය සේවකයන්ගෙන් නොවේ. ජනතාවට ජීවත් වීමට සැබවින්ම නොහැකි වාතාවරණයක් ඇතිව තිබෙන නිසාය. රාජ්‍ය සේවකයාගේ සිට මහජන නියෝජිතයා මෙන්ම මාසික ස්ථීර වැටුපක් ලබති.

අද මේ මොහොතේ පවා විවිධ ස්ථානවල උද්ඝෝෂණය වල නිරතවන්නේ එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට නොහැකිව සිටින සාමාන්‍ය ජනතාවමයි. තිදෙනෙකු සිටින පවුලකට දිනක අවම වියදම සදහා රුපියල් දහසක්වත් තිබිය යුතුය. එහෙත් ජනතාවට සිදුව ඇත්තේ එය සොයාගෙන එදිනෙදා කුස පුරවා ගැනීමටවත් නොහැකි තත්වයකි.

එසේ තිබියදී පසුගිය දින ගනනාවක් පුරාම පොලීසිය සහ මහජනතාව අතර දැඩි මිත්‍රශීලි භාවයක් ඇතිව තිබිණි. එහෙත් අද මේ මොහොතේ රඹුක්කනින් ඇසෙන්නේ පොලිසියේ පැරණි පුරුදු සෙල්ලම නොහොත් පොලිස් පාතාලය ආරම්භව තිබෙන බවයි. සත්‍යාපනය කර නොමැති තොරතුරුවලට අනුව එක් අයෙකු මිය ගොස් ඇති අතර තවත් 15 ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා තිබේ. පීඩිත ජනතාව පාලනය කිරීමට ඔලුවක් නැති පොලිස් නිලධාරීන් මේ මරා දමන්නේ අසරණ මිනුසුන් බව නොදන්නේ නොවේ.

අවසානයේ තව සුළු මොහොතකින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යට ප්‍රකාශ කරනුයේ ප්‍රචණ්ඩ වූ ය පලවා හැරීම සදහා වෙඩි තබා ඇති බවත්, විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් ලෙසයි. නමුත් මේ සිදුවන්නේ සිදු නොවිය යුතු දේවල් බව අප නැවත නැවතත් සටහන් කරනුයේ මනුෂත්කමින් ඕනෑම දෙයක් පාලනය කිරීමට හැකියාව තිබියදී මෙසේ කුසට අහරක් සොයා ගැනීමට නොහැකිව දුක් විදින මිනිසුන් මරා දැමීම කිසි සේත්ම නොකළ යුත්තක් බවයි.

උද්ඝෝෂකයන් වැරදි කරන්නේ නම් ඒවාට කල යුත්තේ කුමක්ද යන්නද අලුතින් පොලිසියට කියා දිය යුතු නොවේ. මර්ධනය තුලින් සිදුවන්නේ පොලිසිය හෝ ජනතාව නොසිතන දෙයකි. එයින් සිදුවන මහා විනාශය මෙන්ම ජනතාව සමග සෙල්ලම් කිරීමට පෙර ඔවුන්ගේ අදහස් ගලා යාම සිදුවන්නේ කෙසේද යන්නවත් පොලිසිය හදුනා ගත යුතුය. ජනතාවගේ මුවින් පිටවන්නේ ” ජීවත් වනවාට වඩා මැරෙන එක හොදයි” යන වචනයයි. ඔබ වෙඩි තැබීමට එන දෙන්නට පෙර ජනතාවගේ හැගීම් හදුනා ගත යුතුය. තුවක්කුවේ කොකා ගැස්සීමට පෙර ඔවුන් මිය ගිය පසු ඔවුන්ගේ දරු පැටවුන්ට සිදුවන්නේ කුමද යන්නද සිතීමට POLICE යන යන අකුරුවලින් කියවෙන සිංහල තේරුම් ටිකවත් පළමුව ඉගෙන ගෙන තිබිය යුතුය.

මිරිහානද දැන් යට ගොසිනි. දැන් රබුක්කනයි. සියලුම දෙනා දැනගත යුත්තේ අවියෙන් හෝ බලයෙන් මිනිසුන් පාලනය කල නොහැකි බවයි. අතීතය සහ වර්තමානය වෙනස් බව තවමත් මෙරට ප්‍රධානින් දැනගෙන නොසිටීම කනගාටුවකි. අප මාධ්‍ය ආයතනයක් ලෙස මෙන්ම සිවිල් පුරවැසි අයිතීන් ඔස්සේ , පොලීසිය කුමන අයුරින් ප්‍රකාශ කලත් මෙම සිද්දිය පිළිබදව දැඩි අප්‍රසාදය සටහන් කරමින් තුවාල කරුවනට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් මිය ගිය පුද්ගලයාට නිර්වාන සුවය ප්‍රර්ථනා කරමු

Exit mobile version