පසුගියදා නිමාවට පත්වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා පැමිණි සමස්ත ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව 1,250,307ක් බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ අතර එය ඕනෑම අයි. සී. සී. ඉසව්වක් සඳහා සහභාගී වූ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවද වේ.
වාර්තා වන ආකාරයට එමෙන්ම ලෝක කුසලානයේ සමාරම්භක තරගය වූ 2019 ලෝක කුසලාන ශූරයින් වන එංගලන්තය සහ අනුශූරයින් වන නවසීලන්තය අතර පැවති තරගය ලෝක කුසලාන ආරම්භක තරඟයක් නැරඹීම සඳහා පැමිණි වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෙසටද අයි. සී. සී.ය නිවේදනය කර තිබේ.
මීට පෙර පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලි වන 2019 සහ 2015 ලෝක කුසලාන සඳහා සහභාගී වී ඇත්තේ පිළිවෙළින් ප්‍රේක්ෂකයින් 752,000ක් සහ 1,016,420ක් බවටද සඳහන් වන අතර එමෙන්ම මෙවර ලෝක කුසලානය ලොව පුරා මිලියන සිය ගණනක ක්‍රීඩා ලෝලී හදවත් ග්‍රහණය කරගනිමින් ඉතා සාර්ථක වී ඇති බවත්, ලෝක කුසලානය මෙතරම් සාර්ථක කර ගැනීමට දායක වූ සියලු ක්‍රිකට්ලෝලීන්ට ස්තූතිවන්ත වන බවත් අයි. සී. සී. ඉසව් ප්‍රධානී ක්‍රිස් ටෙට්ලි සඳහන් කර තිබුණි.