එක් නායකයෙකුගේ වහලෙක් වෙන්න එපා – විජයදාස

අද (18) පැවති උත්සවයකින් අනතුරු ව මාධ්‍යය වෙත අදහස් දක්වමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වුවත් එක නායකයෙකු ගේ වහලෙක් නොවී සිය අදහස් නිදහසේ ප්‍රකාශ කළ යුතු බවයි.

වාර්තා වන ආකාරයට අයවැයට පක්ෂ ව ඡන්දය ලබාදිය යුතු බවත් එසේ නොවුණහොත් එම පිරිසට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

තවද ,

“ඒක මන්ත්‍රීවරුන්ගේ අයිතිය. තම තමන්ගේ අයිතියට අනුව ජයග්‍රහණය කළත් එකයි නොකළත් එකයි. මහජනතාව තීන්දු කරයි මේ මහජන නියෝජිතයිගේ තීරණය හරිද වැරදිද කියලා. ඒ අනුව ජනතාව පාඩමක් උගන්වයි. “

“ඒක හොඳයි නේ. එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නේ. ආණ්ඩුවේ අය වුණත් එක නායකයෙකුගේ වහලෙක් නොවී තම තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරලා අවසානයේදී ඡන්දේ දෙන එක හොඳ ක්‍රමයක්.

“ඡන්දේ දෙන්න වෙනවා නේ. නැත්තන් ඒ අයට ගෙදර යන්න වෙනවා නේ.”

Exit mobile version