ජනාධිපතිතුමන්ගේ තවත් එක් ඉලක්කයක් වන එක් රටක් සහ එක නීතියක් යන තේමාව බලගැන්වීම සඳහා පළමු පියවර වශයෙන් ජනාධිපතිතුමන් විසින් ජනාධිපති කාර්යය සාධක බලකායක් පත්කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව එහි සභාපතිත්වය සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇති අතර එහි ලේකම් වශයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත්කර ඇත.
එමෙන්ම එහි සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්ද විජේසිංහ, මහාචාර්ය සුමේධ සිරිවර්ධන, එන්.ජී.සුජිත් පණ්ඩිතරත්න, නීතීඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතීඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානී වෑවල, මවුලව් මොහෙමඩ්, කථිකාචාර්ය මොහොමඩ් ඉන්නිකාබ්, කලීල් රහුමාන් සහ අසීස් නිසාර්දීන් යන මහත්වරුන් පත්කර ඇත.
ඒ අනුව එම කාර්ය සාධක බලකායට පැවරී ඇති වගකීම වන්නේ ශ්‍රී ලංකාව තුළ එක රටක් සහ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමයි.
එමෙන්ම අධිකරණ අමාත්‍යංශය විසින් මේ වන විට මීට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් සහ සංශෝධන අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව සහ සුදුසු සංශෝධන ඇත්නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම, ඔවුන්ට අදාළ වගකිම් වේ.
අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම කමිටු විසින් සෑම මසකට වරක්ම ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් මෙහි අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ බවත්ය.