දරුපවුලක් මහමගට ඇද දමනලද කොල්ලුපිටියේ ඉඩම් මංකොල්ලයක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැවති සාකච්ඡාවක් දැකගත හැකි වූ අතර මෙලෙස මහ මගට ඇද දමා ඇත්තේ තුවාන් අඩම් සලීම් නමැත්තෙක් වන අතර ඔහු ත්‍රීරෝද රියදුරෙකු වශයෙන් සේවය කර සිය දරුවන් 11 දෙන පෝෂණය කරනු ලබයි.
මෙම පුද්ගලයාට වසර 30ක පමණ සිට අයිතිව ඇති ඉඩම බලහත්කාරයෙන් ලබා ගැනීම සඳහා මොහොමඩ් සිද්දික් ෂේක් නමැත්තේකු, කොල්ලුපිටිය පොලිසියේ නිලධාරිවරයෙක් සහ නගරාධිපතිවරයෙක් ක්‍රියාකර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
අදාළ ඉඩම අවස්ථා දෙකකදී මුදලට ගැනීමට තැත් කර ඇති අතර ඊට එකඟ නොවීම හේතුවෙන් මෙලෙස බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් ඇති වූ කෝලාහලයක ප්‍රතිඵලයක් ලෙස මොහුව සිරභාරයට ගෙන ඇති බවත් ඔහු එහි දී සඳහන් කරයි.
සිරභාරයෙන් නිදහස්ව පැමිණෙන ඔහුට දැකගත හැකිව ඇත්තේ කඩා දමන ලද සිය නිවස පමණක් වන අතර එම ඉඩම ද ෂේක් නමැත්තා විසින් බලෙන් අයිතිකරගෙන ඇත්තේ සිය දරුවන් මහමගට ඇද දමමිනි.
කුඩා දරුවන් 11 දෙනෙකු මෙලෙස මහමගට ඇද දමන තෙක් මහජනතාව ආරක්ෂා කිරීමට මෙන් ම සාමය සුරැකීමට සිටින නිලධාරීන් සිටියේ නින්දේ ද යන්න අප සියල්ලන්ට ගැටලුවකි.
මහමග තැනින් තැන විසිර සිටි තම දරුවන් ද රැගෙන සිය ඉඩම වෙත ගොස් එහි තිබු කන්ටේනර් පෙට්ටියට වී සිට ඇති අතර එවිට ද මෙම පුද්ගලයින් පැමිණ ඔවුන්ගේ බඩු මුට්ටු කුඩු කර විනාශ කර දමා ඇත.
මේ පිළිබඳව සිව්වරක් ම කොල්ලුපිටිය පොලිසිය වෙත දැනුම් දුන්නද ඔවුන් මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති අතර තමන්ට හිරිහැර කරන පුද්ගලයින් අල්ලා පොලිසියට භාර දුන්න ද එවිට හෝ කිසිදු නීතියක් මේ අහිංසක දරුපවුල වෙනුවෙන් ක්‍රියාත්මක වී නැත.
මෙවන් පසුබිමක් තුළ දී ජනාධිපතිතුමන් පවසන “එක් රටක් එක් නීතියක්” නව දැක්ම ක්රියාත්මකවන්නේ කොහේද?කෙසේ ද? යන්න පිළිබඳව ජනතාව ප්‍රශ්න කරනු ඇත.
අවසන් වශයෙන් ඉල්ලා සිටින්නේ මෙම පවුල වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට අදාළ බලධාරීන් කටයුතු කරන ලෙසයි.