එන්නත්කරණයටත් හමුදා මෙහෙයුමක්

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ඉදිරි සතියේ දී විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.

අදාළ වැඩසටහනට අනුව ඉදිරියේ දී බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

එමෙන් ම පසුගිය දිනවලදී කොවිඩ් ආසාදිතයින්ගේ වැඩි වීමක් ද දක්නට ලැබෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත.

දියතලාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් දක්වා ඇත.

Exit mobile version