ශ්රී ලංකා මහජල පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මෙරට තුළ එන්නත්කරණ ක්රියාවලියේ දත්ත පිළිබඳ බරපතල ගැටලු පවතින බවයි.
ඔහු පවසන්නේ එන්නත්කරණය සිදු කිරීමේ දී බිම් මට්ටමේ විශාල පිරිසකට එන්නත ලැබී නොමැති නිසා එහි අසමතුලිත තත්වයක් පෙන්නුම් කරන බවයි.
“ජාතික මට්ටමේ ,දිස්ත්රික් මට්ටමේ සහ පළාත් මට්ටමේ දැනට පවතින එන්නත් ආවරණයේ දත්ත පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය වී තිබෙනවා.විශේෂයෙන් එන්නත් ලබා නොගත් විශාල පිරිසක් බිම් මට්ටමේ ඉන්නවා.ඒ නිසා එන්නත් වැඩසටහනේ අසමතුලිත තත්ත්වයක් නිර්මාණය වෙලා.තවම එකම එන්නත් මාත්රාවක්වත් නොලැබුණු ග්රාම නිලධාරී කොට්ඨාස රාෂියක් තියෙනවා.ඒ වගේම එන්නත් දෙකම ලබාගෙන යම් කාලසීමාවක් ගතකරපු ජනතාවත් ඉන්නවා.”