එන්නත්කරණ සතියක් සැලසුම් කෙරේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශේෂ එන්නත්කරණ සතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කරයි.

ඒ අනුව එම විශේෂ එන්නත්කරණ සතිය අද (11) සිට එළඹෙන 17 වනදා තෙක් ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සඳහන් කර ඇත.

මෙම වැඩපිළිවෙළට අනුව එන්නත්කරණ සතිය තුළ දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ අමතර එන්නත්කරණ මධ්‍යස්ථාන 04ක් ආරම්භ කිරීමට නියමිත බවත්, සෑම රෝහලකම රාත්‍රී 08.00 දක්වා එම එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කෙරෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත.

Exit mobile version