එන්නත් පිළිබඳ හෙළිදරව්වක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරන්නේ අද (09) වන විට මෙරටට අවහ්‍ය සමස්ත කොවිඩ් මර්දන එන්නත් ප්‍රමාණය සහ බූස්ටර් එන්නත් ප්‍රමාණය ලැබී අවසන් බවයි.

මෙරටට දැනට ගෙන්වා ඇති ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික්, මොඩර්නා සහ ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව හාර කෝටි අසුපන්ලක්ෂ හැටදහසක් වන බවට ඔහු මෙහි දී පෙන්වා දී ඇත.

මින් එන්නත් මිලියන 6.8ක පුමාණයක් ලැබී ඇත්තේ ආධාර වශයෙන් වන අතර එම එන්නත් මාත්‍රා චීන, ජපාන, අමෙරිකානු සහ ඉන්දියානු රජයන් මගින් ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද ලැබි ආධාර වශයෙන් ලැබුණු බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ.

එමෙන්ම එක එන්නත් මාත්‍රාවක් සඳහා ඩොලර් 05 සිට ඩොලර් 7.5ක වියදමක් දරා ඇති බව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

Exit mobile version