එන්නත් මාත්‍රා මිලියන 12ක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසන්නේ ඊලඟ මාස 02ක තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 12කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලැබීමට නියමිතව ඇති බවයි.

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 04ක් සහ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 08ක් එලෙස ලැබීමට නියමිතව ඇති බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කර සිටියේ.

එසේම මේ වන විටත් මෙරටට එන්නත් මාත්‍රා මිලියන 22කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.

Exit mobile version