මේ වන විට මෙරට තුළ ක්‍රියාත්මක කර ඇති කොවිඩ් මර්දන එන්නත් ක්‍රියාවලිය යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස මිලියන 7 ඉක්මවා ගොස් ඇති අතර ඒ සංඛ්‍යාව 7,042,418 කි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ඔක්තෝබර් මස මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ ජනයහණයේන් 60% ක් පූර්ණ වශයෙන් එන්නත්කරණය සිදුකර අවසන් කිරීමට කටයුතු කර රට යළි විවෘත්ත කිරීමට දරණ උත්සහය සාර්ථක කර ගැනීමට ක්‍රියාකරන බව ද එහි වැඩිදුරටත් සඳහන් විය.
මේ වන විට මෙරට තුළ එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස වසංගතරෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව 12, 309,254 ක් ලෙස දැක්වේ.