කොවිඩ් – 19 වෛරස මර්දන එන්නත් ලබා ගැනීම තුළින් මඳසරුභාවය ඇතිවන බවට වන ප්‍රචාර අසත්‍යයි.
අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා මේ පිළිබඳව සඳහන් කර ඇත.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ,
“වයස අවුරුදු 20 – 30 අතර අය එන්නත ගන්න ලොකු උනන්දුවක් නෑ.සමාජ මාධ්‍ය ජාලාවල තියෙනවා ,මේ එන්නත ගත්තහම ඒ අයට මඳසරුභාවය එනවා එහෙම නැත්නම් ලිංගික බෙලහීනතාවය එනවා කියලා.කිසිදු විද්‍යාත්මක පදනමක් නැති වැරදි මතයක්.මේ වැක්සින් එක හොයාගෙනත් තවම අවුරුද්දක් නෑ, වැක්සින් එක ගහලා දරුවන් ලැබීමට තවම කාලයක් ඇවිල්ලා නෑ.මේකෙ අතුරු ආබාධ වැඩියි ඒ නිසා ගන්න එපා කියන එක මං හිතන්නේ සමාජ විරෝධී”