එන වසරේ බදු ගැන කියූ කතාව.

රුපියල් 20,000 ඉක්මවා එන වසරේ බදු ගෙවන්නට සිදුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන්‍ය අධ්‍යන අංශයේ මහාචාර්‍ය්‍ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

2024 වසර වන විට රු.බිලියන 1400ක රජය බලාපොරොත්තු වන බැවින් මෙරට සාමාන්‍යයෙන් 4 දෙනෙකුගෙන් යුතු පවුලක් රු 20,400ක විතර වැට් ලෙස ගෙවන්නට සිදුවන බවත් ඔහු සඳහන් කරන ලදී .

පසුගිය 2022 වසරට සාපේක්ෂව එය 203%ක වර්ධනයක් බවත් ,2023 ට සාපේක්ෂව 105%ක පමණ වර්ධනයක් බවත් පැවසූ ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලද්දේ මේ තත්ත්වය මත දේශීය ව්‍යාපාර කඩා වැටෙන්නට ඉඩ ඇති බවත්, දේශීය නිෂ්පාදනයන්හි ඉල්ලුම ඉහළ යාමෙන් භාණ්ඩ මිල අධික විය හැකි බවත් ය.

Exit mobile version