මෙම වසරේ (2024) සිට අක්කර බදු අය නොකිරීමට රජය තීරණය කර තිබුණද, ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන තෙක් මෙම වසරේදී පමණක් එම බදු අය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ..
අක්කර බදු වශයෙන් රජය අක්කරයකට රුපියල් 100ක මුදලක් අය කෙරේ. මෙමගින් වසරකට ලැබෙන ආදායම රුපියල් බිලියනයක් වුවද එම බදු අය කිරීම සඳහා ඊට වඩා මුදලක් වැය වන බැවින් මෙම වසරේ සිට අක්කර බදු අය නොකිරීමට රජය තීරණය කර තිබිණි.
කෙසේ නමුත්, කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කිරීමෙන් පසුව අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජයේ අවධානය යොමුව තිබේ.