.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දැනට පවතින එකම ඉහලම ගෞරවාන්විත තනතුර වන්නේ එයාර් චීෆ් මාර්ෂල් තනතුරයි. දැනට එහි ගෞරවය ලබා ගත් එකම වාසනාවන්තයා වන්නේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතායි. පැවති වාර්ගික යුධ සමයේ යුද්ධය නිමා කිරීමේ කටයුත්තේදී ගුවන් හමුදාධිපති ලෙස කටයුතු කිරීමේ ගෞරවය ඔහුට හිමි වූ අතර එම හේතුවෙන් යුද්ධය නිමා වී අවුරුදු ගණනාවකට පසුව එයාර් චීෆ් මාර්ෂල් තනතුරින් විශ්‍රාම ගොස් සිටියදී මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් නිලය ඔහුට පිරිනැමීමට කටයුතු කරන ලද්දේ ජනාධිපතිවරයා විසිනි.
ගුවන් හමුධාධිපති සමයේ හෝ තමන්ගේ රාජකාරී සමයේ සිදුකරනු ලබන වැරදි අනාවරණය වන්නේ ඔවුන් විශ්‍රාම ගිය පසු කාලයත් සමගය. අතීතයේ නොමැති වූ, වර්තමානයේ පවතින තොරතුරු සංසරණය වීමේ වේගයත් සමග ඕනෑම පුද්ගලයෙකුගේ අතීත කතාද මතුවන්නේ අළු යට ගිනි පුපුරු මෙනි. එසේම සැබෑ ලෙසම තමාට අසාධාරණයක් සිදු වූ විට, එය සිදු වූ පුද්ගලයා තම මරණය දක්වාම පීඩා විදින අතර, අස්ධාරණය සිදු කරන පුද්ගලයා ඒ පිලිබදව කිසිදු කතාවක් නොදන්නා බැවින් ඔහු වේදනාත්මක මරණයක් හිමි කරගන්නා අතර සියලු ආගම් වල උගන්වන අකාරයට ඔහුගේ මරණයෙන් පසු යහපත් ආත්මයක් නම් උරුම නොවන බවද අප සියලුම දෙනා දැනගෙන සිටිය යුතුය. මේ කතාවද එවැනි කතාවකි. එසේම මේ කතාව අප ලියන්නේ ඉතාම ශීලාචාර ලෙස වන අතර අපගේ බලාපොරොත්තුව වන්නේ අවුරුදු ගණනාවක් පසු වී හෝ ඔහුට යුක්තිය ඉටුකර දීමට මැදිහත් වීම පමණි. එය ඉටු කිරීම සදහා රොෂාන් ගුණතිලක මහතා කල යුත්තේ තමන් අතින් වැරදීමකින් සිදුව තිබෙන මෙම අසාධාරණ තීරණය නිවැරදි කරන ලෙස වර්තමාන ගුවන් හමුදාධිපති වන සුදර්ශන පතිරණ මහතාට ලිපියක් යොමු කිරීම පමණි.
මේ සිධියේ කතානායකයා වන්නේ සේවා අංක 11361 යටතේ සේවය කල පුෂ්පකුමාර එස්.එම්.එම්. යන පුද්ගලයා වේ. 1988.05.10 වන දින ආධුනික ගුවන් භටයෙක් වශයෙන් සේවයට 1999 අප්‍රේල් මස සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරශුට් පාසලේ උපදේශයකු වශයෙන් කරන තිබේ. ඔහු ප්‍රථමව සිදු කර තිබෙන්නේ ශ්‍රීලංකා ගුවන් හමුදාවේ කාන්තාවන් සඳහා පෑරශුට් පුහුණුවීම් ලබාදෙන උපදේශයකු වශයෙන් කටයුතු කිරීමයි.
එහිදී සිදු වූ සිදුවීම් මාලාවක් ඔහු සඳහන් කර තිබෙන නමුත් අපගේ අපේක්ෂාව ඔහුට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් මැදිහත්වීම පමණක් බැවින් ඒවා සදහන් නොකරන නමුත් අදාළ සිද්ධින් පිලිබඳව සියල්ලම කදවුරේ අණදෙන නිලධාරියා විභාග කර අවසන් කර තිබේ. එකල ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක කදවුරේ අණදෙන නිලධරියා ලෙස සේවය කර තිබෙන්නේ හිටපු ගුවන් හමුදාධිපතිවරයෙකු වන එයාර් චිෆ් මාර්ෂල් කපිල ජයම්පති මහතාය. ඔහු නිසි බලධාරියා ලෙස විසදා තිබෙන එම සිද්ධිය, පසුව අණදෙන නිලධරියා ලෙස පැමිණි එයාර් වයිස් මාර්ෂල් ගුරුසිංහ විසින් නැවත විභාගයට ගෙන තිබේ. එතැන් සිට ඉහත නම් සදහන් ගුවන් භටයාට රැකියාව අහිමි කිරිම දක්වා සියලුම කටයුතු සිදුකරමින් එකම සිද්දියට වෙනස් වෙනස් ආකාරයකින් කටයුතු කර තිබේ.
ඒ සදහා සියලුම තොරතුරු අප සතුව තිබෙන අතර රොෂාන් ගුණතිලක මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සිටි රෙජිමේන්තු නිලධාරියෙකු වන රවී ජයසිංහ නමැති පුද්ගලයෙකුටද මෙහිදී චෝදනා එල්ල වී තිබේ. එම තොරතුරු පමණක් නොව තවත් තොරතුරු රාශියක් අප සතුව තිබෙන නමුත් අප නැවතත් සදහන් කරනුයේ අසාධාරණයට ලක්ව සිටින ඉහත අංක 11361 යටතේ සේවය කල පුෂ්පකුමාර එස්.එම්.එම්. යන පුද්ගලයා හට දැන්වත් යුක්තිය ඉටු කර දීම සදහා අධිවේගී ලෙස මැදිහත්ව කටයුතු කරන ලෙසයි.
එසේම මේ වන විට මෑත කාලයේදී ඉතාම අයුක්ති සහගත ලෙස ගුවන් භටයන් ගනනාවක් ගුවන් හමුදාවෙන් ඉවත් කර තිබේ. ඔවුන්ගේ නම් ලැයිස්තුවක් අප වෙත ලැබී තිබේ. ඒවාද ඉදිරියේදී එකින් එක පලකිරීමට කටයුතු කරමින් සිටින නමුත් එසේ නීතිය අතට ගෙන අසරණ භටයන් ඉවත් කිරීම දැඩි වරදක් වන අතර ඔවුන්ද මිනිසුන් සේ සිතා කටයුතු නොකිරීමේ වරද නිසා නොහොත් තීරණ ගන්නා පුද්ලයන්ගේ ද වරද නිසා අද සමස්ත ලංකාවම දුක් විඳිමින් සිටි.
ඔහුව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් අමතන්න – 0717538677