එස්ඕඑස් ගම්මානයේ දරුවන් රැසකට කොවිඩ්.

පිළියන්දල පිහිටි එස්ඕඑස් ගම්මානයේ දරුවන් ඇතුළුව විශාල පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති අතර, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 91ක් බවත්, ඒ අතරට දරුවන් 50ක් පමණ ඇතුළත් බවත් කැස්බැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසා ඇත.

එම ගම්මානයේ අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ මේ වන විට එම ළමා ගම්මානයට අමුත්තන් පිවිසීම මෙන්ම බාහිරින් පැමිණෙන දරුවන්ගේ ද ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

Exit mobile version