එළඹෙන සතියේ පාසල් පැවැත්වීම සඳුදා, අඟහරුවාදා සහ බදාදා යන තෙදින තුළ

අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති නව තීරණයට අනුව හෙට (08) සිට ආරම්භ වන නව සතියේ පාසල් පැවැත්වෙනු ලබන්නේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා යන දිනවල දීය.

පසුගිය සති තුළ දී පාසල් පවත්වන ලද්දේ මින් ඉහත දී අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබූ පරිදි සතියට දින 03ක් ලෙස සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන තෙදින තුළදී ය.

කෙසේ නමුත්, එළඹෙන සතියේ බ්‍රහස්පතින්දා දිනට නිකිනි පුන් පොහෝ දිනය යෙදී තිබීම නිසාවෙන් ඒ වෙනුවට බදාදා දින මෙසේ පාසල්  පැවැත්වීමට තීරණය කර ඇත.

Exit mobile version