එළවළු ගණන් අස්සේ පොළොස් වලට ඉල්ලුම වැඩි වෙලා

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල එලවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග කොස් හා පොලොස් මිලද පෙර නොවු අයුරින් ඉහල ගොස් ඇත.


මේ වන විට කපන ලද කොස් කිලෝ එකක් රුපියල් දෙසිය පනහත් තුන් සියයත් අතර මිලකට අලෙවි වන අතර කපන ලද පොළොස් කිලෝව රුපියල් දෙසිකටද ගෙඩි පිටින් පොළොස් කිලෝව රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකටද අලෙවි වනු ඇත.


මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් ප්‍රදේශයේ සමහර පිරිස් පවසනුයේ මේ වන විට එලවළු මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමත් කොස් පොළොස් මිලද මෙසේ දැඩි ලෙස ඉහළ යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.


මෙම තත්වයන් මත කොස් සහ පොළොස් මිලදී ගැනිමද මේ වන විට දුෂ්කරතත්වයන්ට පත්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

Exit mobile version