අද (02) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට මහතා ප්‍රකාශ කර ඇත්තේ රුපලාවන්‍ය ආයතන වලදී කොණ්ඩය කැපීමේදී පවා HIV වෛරසය වැළඳීමේ හැකියාවක් පවතින බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ රුපලාවන්‍ය ආයතනයක කොණ්ඩය කැපීමේදී ඒ සඳහා යොදා ගන්නා බ්ලේඩ් එක පුද්ගලයාගෙන් පුද්ගලයාට මාරු කළ යුතු බවත්, යම්කිසි හම කඩතොළු වීමක් සිදු වුවහොත් ඒ තුළින් HIV වෛරසය ආසාදනය වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.එසේම ටැටූ ගැසීමේදී ද එකම ඉඳිකටුව භාවිතා කිරීම තුලින් මෙම වෛරසය බෝ වීමේ හැකියාව පවතින බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත.
එම නිසා ප්‍රමිතියක් ඇති ස්ථාන වලින් එම කාර්යයන් ඉටු කර ගැනීම තුළින් මෙම අවධානමෙන් මිදීමට හැකියාව පවතින බව වෛද්‍යවරයා අවධාරණය කරයි.