ඓතිහාසික ශ්‍රී සංඛපාල රාජමහා විහාරයට අයත් බව සැලකෙන රක්ෂිත වනයේ දෙමටගල, ගාමන්ට් එකට උඩින් විශාල වන පෙදෙස මේ වන විට ගිණි ගන්නා බව අපගේ රත්නපුර දිස්ත්‍රික් මාණ්ඩලික වාර්තාකරු පැවසීය.
එසේම මේ පිලිබදව දැනුම් දීම සදහා උඩවලව පොලිසිය වෙත අවස්තා ගණනනාවක් දුරකථන ඇමතුම ලබා ගත්තාද, එය වැඩ නොකිරීම නිසා ගොඩකවෙල පොලිසියට දැනුම් දී තිබේ.
මීට සති කිහිපයකට පෙර එම කන්දේ අනික් පස පෙදෙසද මෙසේ ගිනි ගෙන තිබු බවද, එයින් ද විශාල පෙදෙසක් ගිනිගෙන තිබෙන බව දක්නට ලැබෙන බවද තව දුරටත් දන්වා සිටියා.