ශ්රී ලංකාව ඔක්තෝම්බර් මාසයකදී මෙතෙක් වාර්තා වූ ඉහළ අපනයන ආදායම වාර්තා කරමින් පසුගිය ඔක්තෝම්බර් මස අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.16 ලෙස මහබැංකු වාර්තාවන්හි පෙන්වා දී ඇත.
එමෙන් ම මෙම වසරේ ගත වූ මුල් මාස 10ක කාලය තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 12.6 ඉක්මවා වාර්තා වී ඇති අතර මෙම වසරේ අපනයන ආදායම් ඉලක්කය ඩොලර් බිලියන 15.7ක් ලෙස දැක්වේ.
මේ අනුව එම ඉල්ලක්කයෙන් 80%ක් සාක්ෂාත් කරගැනීමේ හැකියාව මේ වන විට ලැබී ඇත.
එමෙන් ම මෙම වසරේ මුල් මාස 10ක කාලයේ දී භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවා ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 21%ක වර්ධනයක් වන අතර මුල් මාස 10 තුළ දී සේවා අපනයනයන්ගෙන් ශ්රී ලංකාව නිපද වූ ආදායම ඩොලර් බිලියන 2.5ක් ද වේ.