අප දන්නා විදියට ජීවිින්ගේ පැවැත්ම තියෙන්නේ වායුගෝලයේ ඔක්ෂිජන් තිබෙන තාක් කල් පමණි. මිනිසා මෙන් සිතීමට නොහැකි සත්වයන් එය නොදන්නා නමුත් යන්තම් හය හතර තේරෙන පුංචි එවුන් පවා ඔක්ෂිජන් නොමැති වු විට ජීවින්ගේ මරණය සිදුවන බව දනී.
මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ මරණය සමග ඔක්ෂිජන් වල තිබෙන බැදීම ඉතාම හොදින් හඳුනනුයේ සෞඛ්‍ය හා සම්බන්ධ අයයි. එය මෙරට ඇමතිවරුන් නොදන්නා බව පසුගිය කාලයේ එක් අමාත්‍යවරයෙක් පෙන්වා දුන්නේය
ඔක්ෂිජන් වල වටිනාකම නොදත් අය, ඒ පිළිබදව අවධානයක් නොමැති අය මෙරට සෞඛ්‍ය සේවයේ සිටීම කෙතරම් ඛේදනීය ද යත් කොළඹ ජාතික රෝහලේදී “ඔක්ෂිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ” පුවතක් වාර්ථා විය.
ඒ පිළිබදව සෞඛය අමාත්‍ය රමේස් පතිරණ මහතා වාර්ථාවක් කැඳවා තිබේ.
සෞඛ්‍ය වැනි ක්ෂෙත්ර වල සේවය කරන අයට වරදින්න හෝ අත්වැරදීම් සිදුවීමට ඉඩක් නොතිබිය යුතුය. එය අනිවාර්යයෙන්ම මරණයෙන් කෙළවර වේ.
මේ වන විටත් ගැටලුවලින් පිරී තිබෙන මෙරට සෞඛ්‍ය සේවයද යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසෙන බවක් දක්නට නැත.
සාමාන්‍ය ජනතාවට මෙන්ම ඔවුන්ටද ප්‍රශ්න තිබේ. ඔවුන්ගේද මානසික තත්වයන් යහපත්ව තිබිය යුතුය. කල යුත්තේ රටම යහපත් කිරීමයි. ඉන් අණතුරුව ඒ ඒ ක්ෂෙත්රයන් පිළිබදව වෙන වෙනමම පර්යේෂණ පවත්වා තිබෙන ගැටලුවලට පිළිතුරු සැකසීමයි. එවැනි දේ වෙනුවට දිගින් දිගටම බිඳ වැටීම් සීඝ්‍ර වෙමින් තිබේ