ඔන්ලයින් අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන්ට තර්ජනයක්

පොලිස් මූලස්ථානය දැනුවත් කර ඇත්තේ ,මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරුන්ට එම ඉගැන්වීම් කටයුතු නොකරන ලෙසට යම් පාර්ශවයක් විසින් තර්ජනය කරන්නේ නම් ඒ පිළිබඳව කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බවයි.

එසේ නැතහොත් ,119 දුරකථන අංකයට හෝ ළඟම තිබෙණ පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිලිකිරීමේ හැකියාව පවතී.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ,පොලිස්පතිවරයා වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත්තේ එවැනි පැමිණිලි සම්බන්ධයෙන් නොපමාව, නිවැරදි හා ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

Exit mobile version