යෝජිත අන්තර්ජාල පනත සම්මතවීමෙන් මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන මෙන්ම මිනිසුන්ගේ භාෂණයේ සහ ප්රකාශනයේ අයිතියට පවා හානි සිදු වේ. එය වාරණයට ලක් වේ. එම පනත් යටතේ අත් අඩංගුවට ගැනීමක් සිදු කලත් මුලික මිනිස්සු අයිතිවාසිකම් නීතිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිහිට ලබාගත හැකි වුවත් එම ආයතනය වෙත යාම සඳහා ලක්ෂ ගණනින් මුදල් යෙදවීමට සිදු වේ.
එසේම මෙම පනත සම්මතවීම යනු මෙයට අත් උස්සන දේශපාලනඥයන්ගේ පවා බෙල්ලට තොන්ඩුව වැටේ. ඒ තමන්ට දැනට තිබෙන බලය අහිමි වූ විට වන අතර එහිදී තම තමන්ගේ දු දරුවන්ට පවා එමගින් දැඩි අකටයුතුකම්වලට මුහුණ දීමට සිදු වේ. සමාජයට සිදුවන දැඩි හානිය දෙස අප අවධානය යොමුකලත්, මෙරට මහජන නියෝජිතයන් එයට අවධානය යොමු නොකිරීම කනගාටුදායක ය.
ශ්‍රී ලංකාව දැඩි නීති පවතින රටක් වුවත් “යුක්තියේ මෙහෙයුමෙන්” පවා අප දකින්නේ “අයුක්තියකි” එයට හේතුව වන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන්ගේ අමනෝඥ ක්‍රියාවලියයි. එවන් නුගත් , නොදියුණු, ම්ලේච්ච පොලිස් නිලධාරින් බහුතරයක් සිටින රටකට මෙවන් පනතක් සම්මතකර දීම යනු “කටුස්සාගේ කරේ රත්තරන් බැඳීමකි”. එහි විපාකය බරපතල වන්නේ එම පොලිස් නිලධාරීන්ගේ පමණක් නොව, යහපත් පොලිස් නිලධාරීන්ට මෙන්ම ඔවුන්ගේ දු දරුවන්ටද මෙම පනතින් සිදුවන්නේ දැඩි අයහපතක් බැවිනි. එය ත්‍රිවිද හමුදාව, පොලිසියට පවා ඒක හා සමාන වන අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර වැනි අයට සිදුව තිබෙන අසාධාරණයන් වලට එරෙහිව පවා ලිවීම නව පනත මගින් භයානක තත්වයක් උදාකර දේ. විශේෂයෙන්ම පනතේ තිබෙන වගන්තීන් පවා ඔවුන් භාවිතා කරනුයේ “ ගොරක දඩමස් කිරීම” වෙනුවෙනි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට බලයේ සිටින රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය යහපත් ලෙස දුටුවත්, ඔවුන්ට බලය අහිමි වූ දිනයක, තමන්ට කෙනහිලිකම් සිදුවන විට තමන් කරගත්තේ අපරාධයක් බව වැටහෙනු ඇත. කෙසේ වුවත් අනාගතයක් නොදකින නුගත් නිලධාරින්, දේශපාලන නායකයන් අන්තර් ජාලය නිසි ලෙස හදුනාගෙන නැත. ශ්‍රී ලංකාවේ තහනම් කලත්, එම හේතුව නිසා ජාත්‍යන්තර වශෙයන් සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම දැඩි කැළලක් ඇති වේ. පසු ගිය කාලය තුල සමහර රටවල් ශ්‍රී ලාංකිකයන්ට විසා ලබා දීමට පවා මැළිකමක් දැක්වීය.
ඒ අනුව අප මෙතෙක් “හඩක් නැති” පිඩිත මිනිසුන් වෙනුවෙන් සිදුකරගෙන ආ සත්‍ය සේවයද නවතා දැමීමට සිදු වේ. ඒ මෙම පනත සම්මත වීම ම යනු, කිසිම පුද්ගලයෙකුගේ දුක්, ගැහැට වෙනුවෙන් පෙනී සිටීමට තිබෙන අයිතිය භාවිතා කිරීමෙන් දිගින් දිගටම අධිකරණ වලට සහ පොලිසිවලට යාමට අපට නොහැකි බැවිනි. මිනිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ පරම සත්‍ය ගෙන, ඔවුන්ගේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම නිසා අපගේ බෙල්ලට තොන්ඩුව වැටෙන්නේ නම්, එම සේවය තව දුරටත් සිදුකර අපහසුතාවයන්වලට ලක් වීමෙන් ජාතික වශයෙන් අප ලබන ජයග්‍රහණයක් නැත.
කෙසේ වෙතත් නව පනත සම්මත වුවහොත් මහජන සේවය වෙනුවෙන් අප වෙනත් උපක්‍රම ඔස්සේ සිදුකල හැකි කරුණු සොයා බලන අතර, මෙතෙක් සිදුකරගෙන ආ මහපොළවේ සත්‍ය ගවේෂණය නවත්වනු ඇත. රටේ යම් තාක් දුරට නීතියක් පවතින විටත්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අප ආයතනය හඳුන්වා තිබෙන්නේ ජාතික ආරක්ෂාවට තර්ජිත ආයතනයක් ලෙසයි. නමුත් ඔවුන්ගේ එම නීතිවිරෝදී තීරණයට එරෙහිව ගත හැකි තීරණ ගණනාවක් අප මේ වන විටත් රැගෙන තිබෙන අතර, එවන් අමනෝඥ නායකයන්ට තම නීතිවිරෝදී කටයුතු යෙහෙන් කරගෙන යාමට මෙම පනත බෙහෙවින්ම ශක්තියක් වනු ඇත. නමුත් ඔවුන්ගේ බලය අහිමි වූ දිනයක ඒ ආකාරයෙන්ම තමන් වෙනුවෙන් පෙනී සිටීමට මිනිසුන්ට මෙන්ම මාධ්‍යවේදීන්ටද අහිමි වනු ඇත.
කරුණු එසේ හෙයින්, 2024 01 24 දින හෝ මෙම යෝජිත, නීති විද්‍යාවට සහ සමාජ විද්‍යාවට එරෙහි සමාජ මාධ්‍ය පනත සම්මත වුවහොත්, අප මෙතෙක් සිදුකරගෙන ආ සමාජයේ සිදුවන කිසිදු නීතිවිරෝදී, සමාජ විරෝදී ක්‍රියාවන් පවා හෙළිදරව් කිරීම නවතා දමන බවත්, පනත් සම්මතවීමෙන් අනතුරුව, එය තව දුරටත් ගවේෂණය කර, අප ආයතනයට ගැටළුවක් ඇති නොවන ලෙස පුවත් පල කිරීම සිදුකරන බවත් රාවණා ලංකා පාඨකයන් වෙත කාරුණිකව දන්වා සිටිමු. එසේම වෙබ් අඩවි සමාජ මාධ්‍ය ඝණයට නොවැටෙන අතර ඒ පිළිබදවද අප අවධානයට යොමුකර පුළුල් සංවාදයකින් අනතුරුව පලකිරීමට අවධානය යොමු කරන අතර, දිනපතා පුවත් ඇතුළු විශේෂාංග සියල්ලම අප බාධාවකින් තොරව ගෙන එන්නෙමු.