ඔබ අසරණ භාවයට පත්වීම වැළැක්වීම සදහා මෙසේ කටයුතු කරන්න.

දවසේ අවවාදය ලෙස අප ඉදිරිපත් කරන කලමණාකරනය සදහා වන අවවාදවල 5 වැනි කරුණ අද ඉදිරිපත් කරනුයේ අපට අතිශයින්ම වැදගත් බැවිනි. මෙහි පියවරයන් 13 ක් දක්වා අප ඔබට පැහැදිලි කරන්නෙමු. සෑම පුද්ගලයෙකුටම අමාරු කාලවල් පැමිණේ. අමාරු කාලවල් වලදී අප කෙසේද කළමනාකරණය විය යුත්තේ. මේ ඒ පිලිබදව ලියවෙන කෙටි අදහසකි.

දුෂ්කර තත්වයන් හදිසියේ හෝ කාලයාගේ ඇවෑමෙන් මතු වූ විට ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතවලට අර්බුද ඇතිවිය හැකිය. එය එසේ නොවේ යයි කීමට නොහැකිය. දු දරු ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, ආයතනයේ ප්‍රශ්න හෝ ඕනෑම ආකාරයක ප්‍රශ්න අපට ඇති වේ. එය ඔබේ ජීවිත පැවැත්මේ විශාල වෙනසක් කරා ඔබව ගෙන යනු ඇත.

ඔබට එය දරා ගැනීමට නොහැකි ව අධික  වීම හේතුවෙන් ඔබ රාජකාරියෙන් ඉවත් වීම, ආයතන වසා දැමීම, පවුල් ජීවිත අවසන් කිරීම වැනි බොහෝ දේ සිදුවීමට ඉඩ තිබේ. මෙහි වැදගත්ම දේ නම් ඔබ වැඩකාරයෙක් වී මෙසේ ප්‍රශ්න ඇති වීමයි. එසේ නොමැතිව රස්තියාදුකාරයෙක් සේ, ආයතනයක් හෝ තමන්ගේ දේ විනාශ කරගන්නේ නම් ඔවුන්ට මෙවැනි අවවාද වලින් පලක් නොවේ. ඔවුන්ට අවාවද අවශ්‍ය වන්නේ ඔවුන් වැරදි බව ඔවුන් විසින්ම තේරුම් ගත් දිනකදීය.

කෙසේ නමුත් නමුත් ඔබ  ඉවත් වීම හෝ වසා දමා විනාශ වීමට පෙර ඔබගේ ප්‍රශ්න ගැන මනාව දැනුවත් වන්න. ඔබ විසින්ම ඔබගේ ප්‍රශ්න පිලිබදව විමසන්න. ඔබේ ප්‍රශ්න කොලයකට ගන්න. එකින් එක ලියන්න. ඔබ ගැනම ඔබ දැනුවත් වන්න. ඒ ප්‍රශ්නවලට ඔබට දිය හැකි හොදම විසදුම ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු සේ ලියන්න. එසේ ලියා ඔබ දැනුවත් වූ පසු, ඔබේ පාලනය තුළ ඇති සහ වෙනස් කළ හැකි දේ සලකා බැලීමෙන් ඔබ විසින්ම ඔබව සවිබල ගන්වනු ඇත. එවිට, ඔබ අසරණ භාවයට පත්වීම වැළැක්වීම සඳහා ඒ ගැන අවධානය යොමු කරන්න. ඒ අනුව කටයුතු කරන්න.  

Exit mobile version