ශ්රී ලාංකික අපගේ පමණක් ලොව ජීවත්වන සියලුම වැඩිහිටි ජනතාව අතේ තිබෙන ජංගම දුරකතනය නිසා විවිධ ලෙඩ රෝග සෑදෙන්නේ අපටත් නොදනුවත්මය. තත්වයෙන් බාල ජන්ගම දුරකථන හේතුවෙන් මෙම තත්වය වැඩි වී තිබේ.
ශ්රී ලංකාවේ අප භාවිතා කරන්නේ මිනිස් ජීවිතයට හානිකර නොවන ජංගම දුරකතනද යන්න දැන් ගැටලුවක්ව පවතින්නේ නවතම හෙලිදර්ව්වක් නිසාය. ශ්රී ලංකාවට ගෙනෙන ජංගම දුරකථන වලින් බිලියන් ගනනාවක් මුදල් වංචා කරනා බවද, රැගෙන එන ජංගම දුරකථන ලංකාවේදී නැවත එකලස් කරන බවද, එකලස් කරන එම ජංගම දුරකථන නවතම ජංගම දුරකථන ලෙස අලෙවි කරන බවද පෙන්වා දෙන්නේ නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාය.
මෙසේ ගෙනෙන ජන්ගම දුරකතයක් සදහා රුපියල් 5000 ක මුදලක් රේගුවට ලබාදෙන බවත්, TRC එකටවත් මේවා ඇල්ලීමට නොහැකි බව ඔහු පෙන්වා දෙන්නේ චමුදිත සමරවික්රම මහතා සමග සාකච්චාවකට එක වෙමිනි.
මින් පසු ජංගම දුරකතනයක් අරගනිමට යන්නේ නම් ඔබ අනිවාර්යෙන්ම මෙය දැනගෙන සිටිය යුතුමය. එසේ නොමැති වුවහොත් නවතම ජංගම දුරකථන ලෙස ඔබට ලැබෙන්නේ තත්වයෙන් බාල දුරකතයකි.