ඔම්ක්‍රොන් රටවල් 60කට වැඩි සංඛ්‍යාවක් ආක්‍රමණය කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන්නේ මේ වන විට ලොව රටවල්  60කට අධික සංඛ්‍යාවකට නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති බවත් එය ඉදිරියේ දී දැඩි ගෝලීය අවදානමක් ඇති කළ හැක්කක් බවයි.

ඔමික්‍රොන් ප්‍රභේදය මගින් එන්නත් ප්‍රතිශක්තිකරණය මගහරින බවට සායනික වශයෙන් දත්ත ලැබී ඇති නමුත් ,එයින් අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව ඉහළ නංවන්නේද?නැද්ද? යන්න පිළිබඳව තොරතුරු ලැබී ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් සඳහන් වේ.

කෙසේ නමුත් ඉහළ සම්ප්‍රේෂණ හැකියාව හේතුවෙන් ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ.

මේ හේතුවෙන් මෙම ඔමික්‍රොන් ප්‍රභේදය තුළ සමස්තයක් ලෙස ගත්කළ ඉහළ අවදානමක් සහිත බව ද ඔවුන් වැඩි දුරටත් සඳහන් කර ඇත.

Exit mobile version