ඉදිරියේ මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් බවට පත්විය හැකි බවට වෛද්‍ය පර්යේෂණායතන ප්‍රකාශ කරයි.
මේ වන විටත් ඩෙල්ටා ප්‍රභේදය අභිබවා යමින් ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ පැතිර යන බවයි වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග පිළිඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා සඳහන් කළේ.
කරන ලද පර්යේෂනයන්ගෙන් ද ඔමික්‍රෝන් ආසාදිත පුද්ගලයින් වැඩි වශයෙන් වාර්තා වන බවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිනය වූවන් ඊට සාපේක්ෂව ඉතා අඩු බවත් වෛද්‍ය නදීක ජානගේ මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.