පවුල් සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පෙන්වා දෙන්නේ නිධන්ගත රෝග සහ වෙනත් සංකූලතා පවතින රෝගීන් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි.
මේ වන විට බොහෝ පවුල්වල සාමාජිකයින් එක් අයෙකුට වැඩි සංඛ්‍යාවකට ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වී ඇති බව ද ඇය මෙහි දී සඳහන් කර ඇත.
ඔමික්‍රෝන් හි රෝග ලක්ෂණ අවම මට්ටමක පැවතියත් නිධන්ගත රෝගවලින් පෙලෙන අයට සහ බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට ඉතා දරුණු සංකූලතා ඇති වීමේ අවධානමක් පවතින බව ද විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය වැඩි දුරටත් පෙන්වා දී ඇත.