ඔමික්‍රොන්හි භයානකත්වය

හොංකොං විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් සිදුකරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ මෙම නව ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ,මුල්ම කොවිඩ් ප්‍රභේදයට සහ ඩෙල්ටා ප්‍රභේදයට වඩා 70 ගුණයකට වැඩි වේගයකින් ශ්වාසනාල පටකයේ වර්ධනය වන බවයි.

මේ හේතුවෙන් එම ප්‍රභේදය මෙලෙස සීඝ්‍ර ලෙස ව්‍යාප්තවනවා විය හැකි බවයි එම අධ්‍යයන කණ්ඩායම පෙන්වා දෙන්නේ.

එමෙන් ම එම අධ්‍යයනයේ දී හෙළිව ඇති තවත් කරුණක් වන්නේ මෙම ඔමික්‍රොන් ප්‍රභේදය පෙනහළු පටකයේ දී වර්ධනය වන වේගය දස ගුණයකින් පමණ අඩු බවත් එතුළින් ආසාදිතයින් අසාද්‍ය තත්ත්වයට පත්වීමේ සම්භාවිතාව යම්තාක් දුරට අඩු විය හැකි බවත් ය.

Exit mobile version