සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ මේ වන විට රට තුළ ඔමික්‍රොන් ආසාදිතයින් වැඩිවෙමින් පවතින බවයි.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ප්‍රකාශ කළේ.
පසුගිය සති දෙක තුළ දී මෙලෙස ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් , ඔමික්‍රොන් ආසාදිතයින් බහුල වශයෙන් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බවයි.
එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ද ඔමික්‍රොන් ආසාදිතයින් වාර්තා වී ඇති බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.