ඔමික්‍රොන් ආසාදිතයින් තවත් ඉහළට

තවත් පුද්ගලයින් 75 දෙනෙකු ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත බවට හඳුනාගෙන ඇති බව  වාර්තා වේ.

ඒ බව සඳහන් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්තර මහතායි.

ඔමික්‍රොන් ආසාදිතයින් පසුගිය 15 වනදා ද 160 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඒත් සමග මෙරටින් හඳුනා ගන්නා ලද සමස්ත ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාව 283ක් දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version