ඔමික්‍රොන් ආසාදිත තවත් 160ක්

තවත් පුද්ගලයින් 160 දෙනෙකු කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත බවට හඳුනාගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව තහවුරු කරන ලදී.

ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ එම ආසාදිතයින් ඔවුන් සිය රසායනාගාරයේ සිදුකරන ලද පර්යේෂණ ඔස්සේ හඳුනාගාත් බවයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති ඔමික්‍රොන් ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 208ක් දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version