ඔමික්‍රොන් ඇමරිකාවටත් යයි

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් ප්‍රථම කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයා වාර්තා වී ඇත.

පසුගිය සතියේ දී හඳුනාගන්නා ලද කොවිඩ් නව ප්‍රභේදය වන ඔමික්‍රොන් ප්‍රභේදය මේ වන විට ලොව රටවල් සහ පාලන කලාප 28ක් පුරා ව්‍යාප්තව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වන විට ලොව පුරා හඳුනාගෙන ඇති ඔමික්‍රොන් ආසාදිත සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 366ක් වන අතර මෙම ප්‍රභේදය පැතිර ඇති බවට වාර්තා වූ නවතම රට වන්නේ ලොව කොවිඩ් වැඩිම ව්‍යාප්තියක් සහිත රට වන ඇමෙරිකාවයි.

මෙලෙස ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වූ ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයා දකුණු අප්‍රිකාවේ සිට නොවැම්බර් 22 වැනි දා යළි ඇමෙරිකාව වෙත පැමිණ ඇති අතර එහි දී ඔහු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත්තේ පසුගිය 29 වැනි දිනය.

Exit mobile version