ඔමික්‍රොන් ගැන තවත් තතු

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ කොවිඩ් නව ප්‍රභේදය වන ඔමික්‍රොන් ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සීඝ්‍ර ලෙස ව්‍යාප්ත නොවන බවයි.

ඔමික්‍රොන් පිළිබඳ මෙම තොරතුරු දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බවයි ඔහු සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ.

එමෙන් ම ඔමික්‍රොන් වෛරසය ප්‍රතිශක්තිකරණ එන්නත් සඳහා ප්‍රතිචාර නොදැක්වූව ද බූස්ටර් එන්නත් මගින් ආරක්ෂාවීමේ හැකියාවක් පවතින බව ද දකුණු අප්‍රිකාණු විද්‍යාඥයින් කරන ලද පරීක්ෂණ තුළින් සනාථ වී ඇති බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මෙහි දී ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් මේ වන තෙක් ඔමික්‍රොන් ප්‍රභේදය පිළිබඳ නිෂ්චිත නිගමනයකට පැමිණිය නොහැකි බවත් ඒ සඳහා තව දුරටත් කාලය සහ දත්ත අධ්‍යනය කළයුතු බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version