නවතම පරීක්ෂණයන්ගේ ප්‍රතිඵලයන්ට අනුව ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය බලපෑම් එල්ලකරනු ලබන්නේ ශ්වසන පද්ධතියේ ඉහළ කොටසට බව සොයාගෙන ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ මෙනිසා වෙනත් ප්රභේදයන්ට සාපේක්ෂව මෘදු රෝග ලක්ෂණ ඇති කරන බව තහවුරු කරන නව සාක්ෂි හමුව ඇති බවයි.
කෙසේ නමුත් ඔවුන් ප්‍රකාශ කළේ ඔමික්රාන් සතු ඉහළ සම්ප්‍රේෂණ හැකියාව හේතුවෙන් කෙටි කාලයක් තුළ ඕනෑම ස්ථානයකට පැතිරීමේ හැකියාව ඇති ප්‍රමුඛම ප්‍රභේදය මෙය බවට පත්විය හැකි බවයි.