මේ වන විට ලොවක් බියට පත් කරමින් නැවතත් කොවිඩ් වෛරසයේ තවත් ප්‍රභේදයක් ලෙස ඔමික්‍රොන් නම් විකෘති ප්‍රභේදයක් පිළිබඳව අනාවරණය වී ඇත.
මේ වන විට එම ප්‍රභේදය ලොව රටවල් 12කින් පමණ හමුවී ඇති අතර ඉන්දියාවෙන් ද මෙම ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් මේ වන විට වාර්තා වී ඇති බව සඳහන් කරයි.
මෙම ප්‍රභේදයේ පවත්නා භයානකකම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවීන මාධ්‍යවේ දී චමූදිත සමරවික්‍රම මහතා විසින් සිය වැඩසටහනකට ඖෂධ හා සෞඛ්‍ය කළමණාකරණ උපදේශක, ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මේ වන විට සම්පත් දායකයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය සංජය පෙරේරා මහතාට ආරාධනා කර ඇත.
එහි දී ආචාර්ය සංජය පෙරේරා මහතා මූලික වශයෙන් සඳහන් කරන්නේ මෙම ඔමික්‍රොන් නමැති ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ප්‍රථමයෙන් වාර්තා වී ඇත්තේ නොවැම්බර් මස 11 වනදා බොට්ස්වානාවලින් බවත් මෙම ප්‍රභේදය පරීක්ෂා කර එය හඳුනාගැනීමට ගෙන ඇති කාලය ඉතා වැඩි බවත් ය.
අපට ආසන්නම රටක් වන ඉන්දියාවෙන් ද මෙම ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් මේ වන විට වාර්තා වී ඇති අතර ඔහු අවධාරණය කරන්නේ අප දකුණු අප්‍රිකාවෙන්, හොංකොං වලින් පැමිණෙන සංචාරකයින් පිළිබඳ පමණක් පරීක්ෂාවෙන් සිට ප්‍රතිඵලයක් නොවන බවයි.
මේ වන විට මෙරටට පැමිණෙන සියලුම විදේශිකයන් පරීක්ෂනයකට භාජනය කළ යුතු තත්ත්වයක් පවතින බව ඔහු වැඩිදූරටත් සඳහන් කර ඇත. මෙම ප්‍රභේදය ආසාදනය වූවන් විටින් විට ලොව විවිධ රටවලින් වාර්තා වන බැවින් සෑම රටකින් ම පැමිණෙන සංචාරකයින් පිළිබඳ විශේෂයෙන් අවධානයක් ලබා දීම වැදගත් වේ.
මෙම ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තවීමේ සම්භාවිතාවය ඉතාමත් ඉහළ වන අතර ඊට උදාහරණ වශයෙන් ආචාර්ය සංජය පෙරේරා පෙන්වා දුන්නේ නොවැම්බර් මස 22 වනදා කරන ලද සංගනණයකට අනුව දකුණු අප්‍රිකාවේ මෙම වෛරසය ආසාදනය වූවන් වාර්තා වී ඇත්තේ 322ක් වන අතර එම සංඛ්‍යාව 27 වන දා වන විට 990ක් ලෙස වර්ධනය වී ඇති බවයි.
එමෙන් ම මේ වන විට එන්නත් මාත්‍රා තුනම ලබාගත් පිරිසට ද මෙම ප්‍රභේදය බෝවීමේ හැකියාව පවතින අතර ඊට හේතුව මෙම වෛරසය මගින් එන්නතේ පවත්නා ප්‍රතිශක්තිකරණය 30%කින් පහත හෙළීමයි.
මෙම වෛරසය අප රටට ඇතුලු වීම වැළැක්විය නොහැක්කක් උවත් එයින් හැකි තරම් කාලයක් යම් විකල්පයක් ලැබෙන තුරු හෝ වැළකී සිටීමට උත්සහ දැරීම ඉතාම වැදගත් වන බව ඔහු මෙහි දී දැනට ලබා දිය හැකි එකම සහ හොඳම විසඳුම ලෙස සලකුනු ලබයි.