ඔමික්‍රොන් පිළිබඳ නවතම දත්ත

විශේෂඥ වෛද්‍ය සංජය පෙරේරා විසින් එම දත්ත මත පදනම්ව මේ වන විට ජනතාවට ඇති ගැටලු සඳහා පිළිතුරු ලබා දී ඇත.

එහි දී ඔහු පෙන්වා දෙන්නේ අනෙකුත් කොවිඩ් ප්‍රභේදයන්ට සාපේක්ෂව ගත්කළ ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉත්මත් වේගවත් බවත් මේ වන විට එක්සත් රාජධානිය තුළ මෙම ප්‍රභේදය සීඝ්‍ර වශයෙන් සම්ප්‍රේෂණය වන බවත් ය.

නොවැම්බර් මස අගභගයේ දී එරට තතුළ ඔමික්‍රොන් ව්‍යාප්තිය 0.1% ක් ලෙස පැවතිය ද මේ වන විට එය 5% ප්‍රතිශලය ද ඉක්මවා යමින් පවතින අතර එතුළින් දිනකට රෝගීන් 2,500ක් පමණ වාර්තා වන බවත් ඔහු මෙහි දී සඳහන් කරයි.

මෙම ප්‍රභේදයේ ඇති තවත් ලක්ෂණයක් වන්නේ එන්නත්වල පවත්නා ප්‍රතිශක්තිය අඩු කිරීමයි.

කෙසේ නමුත් මෙම කොවිඩ් මර්දන එන්නත් තුළින් ආසාදනය වන පුද්ගලයන්ට දරුණු රෝග ලක්ෂණ මතුවීම යම්තාක් දුරට පාලනය කිරීමට හැකියාව පවතින බවයි ඔහු අවධාරණය කළේ.

කෙසේ නමුත් ඇතැම් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය දුර්වල මට්ටමක පවතිනු ලබයි.ඇතැමුන් එන්නත් නොකිරීමට පවා තීරණය කර ඇති.මෙවැනි තත්ත්වයන් තුළ දී ඔමික්‍රොන් සම්ප්‍රේෂණය වීම පාලනය කිරීම ඉතාමත් අසීරු තත්ත්වයකට පැමිණීමේ හැකියාව ඇත.

ඇතැම්විට ජනවාරි මස පමණ වන විට විශාල ඔමික්‍රොන් රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් එනිසා මෙම උත්සව සමයේ දී ජනතාව වගකීමෙන් යුක්තව කටයුතු කළ යුතු බවත් ඔහු මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Exit mobile version