ඔමික්‍රොන් මෙරට තුළ සමාජගත වෙයි

මේ වන විට යළිත් කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනය වීමක් පෙන්නුම් කරන බව කොවිඩ් ආසාදිතයින් සඳහා නිවෙස්ගත ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පෙන්වා දී ඇත.

කොවිඩ් මර්දන මාත්‍රා සියල්ලම ලබා ගත්ත ද නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යය බව ඇය අවධාරණය කර ඇත.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ එන්නත් මාත්‍රා ත්‍රිත්වය ම ලබා සිටිය ද කොවිඩ් ආසාදනය වුවහොත් එම පුද්ගලයා අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුව ඇති බවයි.

කෙසේ නමුත් නිසි ලෙස සෞඛ්‍ය උපදෙස්වලට අනුගත නොවුනහොත් යළිත් ඔමික්‍රොන් හෝ ඩෙල්ටා රැල්ලක් ඇති වීමේ අවධානමක් පවතින බව ද ඇය ප්‍රකාශ කර ඇත.

Exit mobile version