ඔමික්‍රොන් රටවල් 12කට යයි

ඔමික්‍රොන් නමැති නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට තවත් රටවල් කිහිපයක් තුළින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

එම රටවල් වශයෙන්, දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, බ්‍රිතාන්‍ය, ජර්මනිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, හොංකොං, ඊශ්‍රායලය, ඉතාලිය, කැනඩාව හා ප්‍රංශය යන රටවල් සඳහන් වේ.

මෙම නව ප්‍රභේදය මුලින්ම හඳුනාගනු ලැබුවේ දකුණු අප්‍රිකාවෙන් වන අතර මේ වන විට රටවල් රැසක් විසින් දකුණු අප්‍රිකාවට සංචාරක තහනම් පනවා ඇත.

නමුත් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා සඳහන් කරන්නේ මෙම තහනම විද්‍යාත්මක පදනමකින් තොරව පැනවූවක් වන අතර එය වහාම ඉවත් කරන ලෙස ද ඉල්ලා සිටියි.

Exit mobile version